March 2024
M T W T F S S
26 27 28 29 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

comments

 

NWP Flage

 

NWP  Flower

(Atteria Flower)

 

වයඹ පළාත් සභා ලේකම් කාර්යාලය.

අරමුණු

01.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පළාත් සභා පනත හා පළාත් සභාවේ කාර්ය පරිපාටි වලට අනුකූලව ජනතා නියෝජිතයින්ගෙන් සැදුම්ලත් වයඹ පළාත් සභාවේ ව්‍යවස්ථාදායක කාර්යන් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.

02.

පළාත් සභා රැස්වීම් සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය වාර්තා ගත කොට සංරක්ෂණය කිරීම.

03.

වාර්ෂික ඇස්තමේන්තු වලට අනුකූලව පළාත් සභා, මන්ත්‍රීවරුන්ගේ හා ධූරධාරීන්ගේ එම කාර්ය මණ්ඩල වල වැටුප් සහ දීමනා, හා වරප්‍රසාද ප්‍රශස්ථ මට්ටමින් සලසා දීම සහ ලේකම් කාරෟය මණ්ඩලයේ මූල්‍ය අවශ්‍යතා සම්පාදනය කිරීම.

04.

පළාත් සභා ධූරධාරීන්ගේ, මන්ත්‍රී කාරෟයමණ්ඩල වල හා සභා ලේකම් කාර්යාලයේ නිළධාරීන්ගේ සියලුම ආයතනික කටයුතු ඉටුකිරීම.

 

කාර්යභාරය

 

01.

පළාත් සභා රැස්වීම්, කාරක සභා හා උපදේශක කමිටු රැස්වීම් සංවිධානය, වාර්තා තැබීම හා අදාල අංශවලට බෙදාහැරීම.

02.

ගිණුම් කාරක සභා රැස්වීම් සංවිධානය, වාර්තා තැබීම හා වාර්ෂික අවසන් ගිණුම් කාරක සභා වාර්තා සභාගත කිරීම.

03.

ප්‍රඥප්ති සභා සම්මත කිරීමට අදාළ කටයුතු.

04.

පළාත් සභා රැස්වීම් සම්බන්ධව සභා වාර්තා සහ නිළ විවාද වාර්තා සකස් කිරීම හා අදාළ ආයතන වලට බෙදා හැරීම.

05.

සභා රැස්වීම් වල කටයුතු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් පටිගත කර සංරක්ෂණය කිරීම.

06.

නිම කරන ලද සභා වාර්තා, හැන්සාඩ් වාර්තා සහ අදාළ ලේඛන සංරක්ෂණය හා පුස්තකාලය පවත්වාගෙන යාම.

07.

පළාත් සභාවේ මූල්‍ය කළමනාකරණ කටයුතු.

08.

පළාත් සභා ලේකම් කාර්යාලයේ ආයතන කටයුතු.

 

අංශ :-

අායතන අංශය

ගිණුම් අංශය

සභා කටයුතු අංශය

හැන්සාඩ් අංශය

·

  • .

අවසන් යාවත්කාලීන කිරීම - 2022-02-15

Coffee

googleMap