හැඳින්වීම.
බලය පවරාදීමේ ක්‍රියාවලිය මත වයඹ පළාත වෙනුවෙන්ද සභාවක් ස්ථාපිත කෙරිණි. සභාවට මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තේරී පත්විය. එම සභාවේ රැස්වීම් , කාරක සභා රැස්වීම් , උපදේශක කමිටු රැස්වීම් , වාර්තා තබා ගැනීම රැස්වීම් සංවිධානය කිරීම , මෙහෙයවීම , ආදී කාර්යයන් සඳහාද , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලය වයඹ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම පිණිස ව්‍යවස්ථාදායකය වශයෙන් ප්රඥප්ති සම්පාදනය සඳහාද, වයඹ පළාත් සභාව ක්‍රියා කරයි.
පළාත් සභා ලේකම් කාර්යාලය, මගින් එකී මෙහෙවර ඉටුකරමින් පළාත් සභාවේ සියලුම ධූරධාරීන්ටත්, මන්ත්‍රීවරුන්ටත් , ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලටත්, වැටුප් හා දීමනා ගෙවීම සහ අනිකුත් පහසුකම් සැපයීමත් කරනු ලබයි.
බලය බෙදාහැරීම - වයඹ පළාත් සභාව
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීම තුළ දිවයින පාලන ඒකක 09 කට බෙදා වෙන්කිරීමේදී වයඹ පළාත වෙනුවෙන් ලැබුන පාලන ඒකකයයි, වයඹ පළාතේ පළාත් සභාව. එහි බල ප්‍රදේශය වයඹ පළාතට සීමාවේ. පරිපාලන දිස්ත්‍රික්ක වශයෙන් ගත්කල කුරුණෑගල හා පුත්තලම පරිපාලන දිස්ත්‍රික්ක දෙක ඇතුලත් වේ.
ජනගහනයත් භූමියේ විශාලත්වයත් පදනම් කර ගනිමින් පළාත් සභාව නියෝජනය කිරීමේ සභික සංඛ්‍යාව තීරණය කරමින්, වයඹ පළාත සඳහා සභිකයින් 52 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායකයක් පිහිටුවනු ලැබ ඇත. මින් සභිකයින් 50 ක් පත්වී ඇත්තේ මහජන ඡන්දයෙනි. දෙදෙනෙක් ප්‍රසාද මන්ත්‍රීවරුන් වශයෙනි.
පළාතට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ක්‍රියාත්මක පළාත් කැබිනට් මණ්ඩලයකි. එහි සංඛ්‍යාව ප්‍රධාන අමත්‍යවරයාද සමගින් 05 කි. මුදල් අමාත්‍ය ධූරය නිල බලයෙන් ප්‍රධාන අමාත්‍යවරයා සතු වේ.
එක් එක් පළාතේ අමාත්‍යංශය වෙනුවෙන් එක් උපාදේශක කමිටුව බැගින් උපදේශක කමිටු 05 ක්ද, පළාත් ගිණුම් , නීති කෙටුම්පත්, සභා කටයුතු, මහජන පෙත්සම්, වශයෙන් කාරක සභා 04 ක්ද, ක්‍රියාත්මක වන අතර ඒ තුළින් සභාවට අවශ්‍ය උපදේශයන් ලබා දෙමින්, මග පෙන්වමින්, සිය වගකීම් කොටස මැනවින් ඉටුකර ඇත.